බහුතරයට ඉඩදීම ජනපතිගේ වගකීමයි | දිනමිණ

බහුතරයට ඉඩදීම ජනපතිගේ වගකීමයි

කමනි අල්විස්

යළි කිසිදින නොබි‍ඳෙන ශක්තිමත් බැඳීමක් එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිකරමින් පක්ෂයේ සැවොම සමඟිකර දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූති කරන අතරම රට පත්වී තිබෙන අරාජික තත්ත්වයෙන් මුදාගැනීමට බහුතර බලයකින් හෙබි පාර්ලිමේන්තු කණ්ඩායමට රට පාලනය කිරීමේ අවස්ථාව හිමිකරදීම ජනාධිපතිවරයා සතු මහඟු කාර්ය භාරය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙරේදා (29) අරලියගහ මන්දිරයේදී පැවැති යුක්තියේ ජනහඬ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළාය.

විද්‍යුත් ක්‍රමවේදයට ඡන්දය විමසීමට ඉඩ නොදුන්නේ රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීවරුන් බවත්, ඒ බව අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍ය බවත්, අදාළ මන්ත්‍රීවරුන්ගේ පහත් හැසිරීම් සැවොම හොඳින් දැකබලා ගත් බවත් පැවසූ මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විදේශ මාධ්‍යවේදීන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සම්මුඛ සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළකරමින් මෙසේ ද පැවසුවාය. විදෙස් මාධ්‍යවේදීන්ගේ සම්මුඛ සාකච්ඡාව පැයකුත් විනාඩි හතළිස් අටක් පුරාවට පැවතුණකි. මාධ්‍ය මඟින් එය විකාශනය කළේ යම් ප්‍රමාණයක් බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.


නව අදහස දක්වන්න