සා. පෙළ දරුවන්ට දේවාශිර්වාද | දිනමිණ

සා. පෙළ දරුවන්ට දේවාශිර්වාද

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂක අපේක්ෂිකාවන්ට තෙරුවන්ගේ පිහිට සහ දේවාශිර්වාද ලබා දීමේ සත්කාරක වැඩසටහනක් සීනිගම දේවාලයේදී ඉකුත් පළමු වැනි දින පෙරවරුවේ සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට එක්ව තෙරුවන්ගේ පිහිට හා දේවාශිර්වාද ලබා ගැනීම පිණිස විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂක අපේක්ෂිකාවෝ විශාල පිරිසක් තම මාපියන් කැටුව දේවාලය වෙත පැමිණ සිටියහ.

මෙම සත්කාරක වැඩ සටහන මෙහෙයවනු ලැබුවේ සීනිගම දේවාලයේ භාරකාර තැන්පත් සරත් දිසෙව්වාහන්දි මහතා ඇතුළු කාර්යා මණ්ඩලය විසිනි. දේවාශිර්වාද ලබා ගැනීම පිණිස විභාග අපේකෂක අපේක්ෂිකාවන් පූජා වට්ටි අතැතිව දේවාලයට ඇතුළු වීමට සූදානම්ව සිටි අයුරු.

ඡායාරූපය අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

නව අදහස දක්වන්න