රග්බි විනිසුරු සංගමයට කඳුරට කුඩ අතහිත | දිනමිණ

රග්බි විනිසුරු සංගමයට කඳුරට කුඩ අතහිත

කඳුරට සමූහ ව්‍යාපාරයේ සභාපති එම්.ටී.එම්. නව්ෂාඩ් සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.ටී.එම්. නව්ෆල් මහත්වරු ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමයේ සභාපති නිසාම් ජමාල්ඩීන් මහතා වෙත වැහි කබා සහ රග්බි ක්‍රීඩාවට භාවිත කරන දිගු මේස් පිරිනැමූ අයුරු.

කඳුරට කුඩ පුද්ගලික සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවත් පියවරක් තැබුවේය. මෙවර ඔවුන් ශ්‍රී ලංකා රග්බි තරග විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමය සමග 2018/19 රග්බි තරගවාරය සඳහා අත්වැල් බැඳගත්තේය.

පෙන්ගුවින් වෙළෙඳ නාමය යටතේ මෙරට ප්‍රමුඛතම කුඩ සහ මේස් නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් වන කඳුරට සමූහ ව්‍යාපාරය පසුගිය 9 වැනිදා ආරම්භ වූ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ප්‍රධානතම භුමිකාවට පණ පොවන රග්බි විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමයට අතහිත දුන්නේය.

මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් උර දී සිටින කඳුරට කුඩ සමාගමේ නවතම සත්කාරක සම්බන්ධතාව මෙය වේ.

මීට පෙර මේ වසරේ මුල් භාගයේදි කඳුරට කුඩ සමූහ ව්‍යාපාරය මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාව සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත්විය. වසර ගණනාවක් පුරා සිංහල ක්‍රීඩා සමාජයේ නිල ඇඳුම් අනුග්‍රාහකත්වය ලබාදෙමින් සිටින මේ සමාගම ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට විශේෂිත ක්‍රිකට් මේස් පිරිනැමුවේය. මීට අමතරව ඔවුන් ජාත්‍යන්තර සහභාගිත්වය ද සහිත ස්වාධීන පුහුණු මධ්‍යස්ථානයක් වන TAFA පුහුණු ඇකඩමියේ ද අනුග්‍රාහක ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න