සැක කටයුතු ලොරියේ තේක්ක කඳන් | දිනමිණ


 

සැක කටයුතු ලොරියේ තේක්ක කඳන්

සැකකටයුතු ලෙසින් ධාවන වු ලොරියක් මුගුණුවටවන කරවිගාර කඩමණ්ඩිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවන කරමින් සිටිය දි එය නතර කර පරික්ෂා කළ අවස්ථාවේ දි එහි තිබු රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුතු තේක්ක කදන් තොගයක් සමග එම දැව ගෙන ගිය ලොරියත් එහි රියදුරුවත් අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි .

හදිසියේ ලැබුණ තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කරවිටාගාර කඩමණ්ඩිය ප්‍රදේශයේ රැදි සිටිය දි ඊයේ ( 29 දා ) අළුයම අත් අඩංගුවට ගත් ලොරිය සැකකටයුතු ලෙසින් අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි අතර එය නවතා පරික්ෂා කළ අවස්ථාවේ දී ලොරිය තුළ නිසි වලංගු බලපත්‍ර වොමැතිව ප්‍රවාහනය කරමින් තිබු තේක්ක කදන් 26 ක් තිබි අත් අඩංගුවට ගත් බවත් කියයි.

මෙම දැව තොගය කරවිටාගාර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් වලින් මුදල් ගෙවා කපා ප්‍රදේශයේ ලි මෝලක් වෙත ඉරීම පිණිස ගෙන යමින් ඇති බවත් හෙලි කර ගෙන ඇත

හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන් බන්ඩාර කස්තුරි ආරච්චි මහතාගේ උපදෙසින් පරිසර ඒකකය මෙම වැටලිම සිදු කර ඇත.

මුන්නේශ්වරම සමුහ
ඊ. සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න