පෙත්සම් විභාගය දෙවැනි දිනට අවසන් | දිනමිණ

පෙත්සම් විභාගය දෙවැනි දිනට අවසන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නීතිපති ජයන්ත ජයසූරිය මේ බව අවධාරණය කළේ අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද  විභාගයට ගත් අවස්ථාවේදීය.

අගවිනිසුරු නලින් පෙරේරා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුවන් කටයුතු කරති.

නව අදහස දක්වන්න