කඳුළු ගෑස් උණ්ඩයක් වැදී 80 හැවිරිදි කාන්තාවක් මරුට | දිනමිණ

කඳුළු ගෑස් උණ්ඩයක් වැදී 80 හැවිරිදි කාන්තාවක් මරුට

ඉන්ධන මිල වැඩිවීමට විරෝධය දක්වමින් ප්‍රංශය පුරා පැවැත්වෙන උද්ඝෝෂණ රැල්ල මැඩ පැවැත්වීමට එල්ල කළ කඳුළු ගෑස් උණ්ඩයක් වැදීමෙන් නිවසක් තුළ සිටි 80 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත. මර්සීල් නගරයේ පැවති උද්ඝෝෂණයට මේ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එම කාන්තා‍ව සිය නිවසේ ජනේල වසා දමමින් සිට ඇති අතර එම උණ්ඩය ඇයගේ මුහුණේ වැදී තිබේ. වහාම ඇය රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර ශල්‍යකර්මයක් අතරතුර ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගිය බව එරට මාධ්‍ය අනාවරණය කරයි. සුමාන දෙකකට වැඩි කාලයක් පුරා පැවැත්වෙන මේ උද්ඝෝෂණ රැල්ලට සහභාගි වූ තිදෙනකු ද මේ වන විට මි‍ය ගොස් ඇති බව වාර්තා වේ.

 

නව අදහස දක්වන්න