යාපනය සරසවි සිසුන් ගොනු කළ පෙත්සම කල්යයි | දිනමිණ

යාපනය සරසවි සිසුන් ගොනු කළ පෙත්සම කල්යයි

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයක් තුළ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම  ඊවා වනසුන්දර සහ එල්.ටී.බී දෙහිදෙණිය යන අයගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.

එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන්  පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති  ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නව අදහස දක්වන්න