කඳුරට කුඩ එස්.එස්.සී.යට සෙවණ දෙයි | දිනමිණ

කඳුරට කුඩ එස්.එස්.සී.යට සෙවණ දෙයි

කඳුරට සමූහ ව්‍යාපාරයේ සභාපති එම්.ටී.එම්. නෞෂාඩ් මහතා එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සභාපති සමන්ත දොඩංවෙල මහතාට ඉදිරි වසර සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් අයුරු. කඳුරට සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ එම්.ටී.එම්.නෞෆල්, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ලේකම් මයිකල් ද සොයිසා, එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සහ නායක ධම්මික ප්‍රසාද් මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - විපුල අමරසිංහ

සිංහල ක්‍රීඩා සමාජයට (එස්.එස්.සී.) නිල ඇඳුම් සපයන්නන් ලෙස කඳුරට කුඩ සමාගම අඛණ්ඩව 7 වැනි වරටත් ගිවිසුම් අස්සන් කළේය..එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට එම ක්‍රීඩාංගණයේදිත්, ඉන් පිටතදිත් පැවැත්වෙන තරග සඳහා කඳුරට වෙළෙඳ නාමය ඇතුළත් නිල ඇඳුම් සපයන්නන් ලෙස තවත් වසරක කාලයකට මේ ගිවිසුම ක්‍රියාත්මක වේ.මෙරට ප්‍රමුඛතම කුඩ හා මේස්, මදුරු දැල් නිශ්පාදකයන් වන කඳුරට කුඩ සමාගම මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට පත්වී ඇති අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් සමග ගිවිසුම් ගතවීම විශේෂත්වයකි. එදාමෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 30කට වැඩි පිරිසක් බිහි කළ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මෙරට පැරැණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයකි.

ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දක්වන ආයතනයක් ලෙස කඳුරට කුඩ සමාගම මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි කණ්ඩායමේ ද අනුග්‍රාහක ලෙස කටයුතු කරයි. පසුගියදා පැවැති ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා මේස් පිරිනැමීමට ද කටයුතු කළ කඳුරට කුඩ සමාගම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තවත් විවිධ සුබසාධන කටයුතු සිදු කර තිබේ.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න