රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න | දිනමිණ

රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම දන්වයි

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට දන්වා යවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2015 සහ 2016 වර්ෂවල ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනයක්

ඉදිරිපත් කරන ලෙසයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ මීට කලින් ශ්‍රී ලංකා ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 2017 පෙබරවාරි 03 සිදුකළ මෙවැනිම ඉල්ලීමකට පසුව යළිත් මේ ඉල්ලීම කරන බවය.

ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවසුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශනය ලැබුණු පසු එය මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කිරීමට හැකි බවයි. මක්නිසාද යත් මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ඉල්ලීමකට අනුව ලබාගත් ලියවිල්ලක් බැවිනි.

ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසා සිටියේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාගැනීම සම්බන්ධව මහජනතාවගේ තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය පිළිබඳ විශාල ජයග්‍රහණයක් බවයි.

ඔබේසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි කාලයේ වත්කම් බැරකම් ප්‍රකාශනයක් ලබාගැනීමට ජනාධිපති කාර්යාලය ඉක්මනින් ක්‍රියා කළ යුතු බවයි. එහි පිටපතක් ඉක්මනින් ලබාදෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. එය ලැබුණු වහාම එහි විස්තර මහජනතාව සමඟ බෙදා හදාගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඔබේසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහජනතාව සමඟ මෙවැනි කරුණු ජනතාව හා බෙදාහදා ගැනීම දූෂණයට එරෙහිව ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.

මෙය හැමදෙනාගේම ජයග්‍රහණයක්. මෙය ජනතාවගේ ජයග්‍රහණයක්, තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සහ අවංක දේශපාලනඥයන් තමන්ගේ වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රසිද්ධවීමට අකමැති නොවන අයගේ ජයග්‍රහණයක් යැයිද හෙතෙම පැවැසීය. ජනතාවගේ දේශපාලන නියෝජිතයින් හට මහජනතාවගේ විශ්වාසය පිරිහී යමින් පවතින මෙවන් කාලයක මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට ඉදිරිපත් කිරීමෙන් මහජන විශ්වාස දිනාගත හැකි යැයිද ‍ඔබේසේකර මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න