රුපියල යළි අවප්‍රමාණය වෙයි | දිනමිණ

රුපියල යළි අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබේ.

මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 02 ක් ලෙසයි.

එහි ගැනුම් මිල රුපියල් 177 යි ශත 05 ක් ලෙස සටහන් විය.

පසුගිය සති කිහිපයේ අඛණ්ඩව අවප්‍රමාණ වූ රුපියල මෙම සතිය ආරම්භයේදී ශක්තිමත් විය.

අනතුරුව පසුගිය සඳුදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එය දැක්වුණේ 180 යි ශත 90 ක් ලෙසයි.

නව අදහස දක්වන්න