උතුරේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව | දිනමිණ

උතුරේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

උතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. අද (06) යාපනය, ඥානම් ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණි. 
 
කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
 
මෙහිදී යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්ක වල දරුවන් 67 දෙනෙකු ශිෂ්‍යත්ව ලබා ගැනීමට  සුදුසුකම් ලබා තිබූ අතර, මෙම අවස්ථාවේදී පිරිනමන ලද ශිෂ්‍යත්ව වටිනාකම රුපියල් දහසය ලක්ෂ තිස්පන් දහසකි. (රු.1,635,000.00)
 
මෙහිදී 2017 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 16 දෙනෙකුද, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 47 දෙනෙකු හා 2016 වසරේ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් 04 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.
 
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.
 
2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිත අතර, මෙහි තෙවන අදියර දෙසැම්බර් 08 වනදා අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතන ශාලාවේදී පැවැත්වේ.

නව අදහස දක්වන්න