බිලියන 05කට අධික හෙරොයින් අල්ලයි | දිනමිණ

බිලියන 05කට අධික හෙරොයින් අල්ලයි

 
මේ වසරේ ගතවූ කාලය තුළ සිදු කළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 05කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
 
ඔහු පැවසුවේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 430ක තොඟයක් පොලිස් බාරයට ගෙන ඇති බවයි. එහි වටිනාකම රුපියල් මිලියන 5,166ක් පමණ වේ.
 
එම හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

නව අදහස දක්වන්න