වැල්ල­වත්ත නිත්‍ය­ක­ල්‍යාණි ජුව­ලරි ජනා­ධි­පති සම්මාන හයක් දිනයි | දිනමිණ

වැල්ල­වත්ත නිත්‍ය­ක­ල්‍යාණි ජුව­ලරි ජනා­ධි­පති සම්මාන හයක් දිනයි

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරිහි අපනයන සමාගම වන එන්. ජේ. එක්ස්පෝර්ට්ස් සමාගම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කළ 2018 ජනාධිපති සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන 6කින් පිදුම් ලැබීය. විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, විශිෂ්ටම ආභරණ අපනයනකරු, විශිෂ්ටම දියමන්ති ආභරණ අපනයනකරු, විශිෂ්ටම විදේශ විනිමය ඉපැයුම්කරු, විශිෂ්ටම ස්වර්ණාභරණ තාක්ෂණික ශිල්පියා (සශී කුමාර් මහතා), විශිෂ්ටම මෝස්තර ආභරණ තාක්ෂණ ශිල්පියා (ධර්මසිරි මහතා) ජනාධිපති සම්මාන අතර වෙයි. සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ගුණාත්මකභාවයෙන් අනූන නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ විශ්වාසයෙන් මිල දී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස ජන හද දිනූ නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය ස්වර්ණාභරණ මෝස්තර 25,000 කට අධික අගනා එකතුවකින් සමන්විතය. නිසි ප්‍රමිතියෙන් සපිරි ප්ලැටිනම්, රත්තරන්, සුදු රත්තරන්, දියමන්ති ආදියෙන් ආභරණ නිපදවන නිෂ්පාදනාගාරයකින් සහ දෙස් විදෙස් පුහුණුව ලැබූ විශේෂඥ දැනුමෙන් සපිරි පළපුරුදු සේවක මඬුල්ලකින් නිත්‍යකල්‍යාණි ජුවලරි සමන්විතය. CAD, 3D Printing වැනි නව තාක්ෂණික ක්‍රමවේදවලින් පාරිභෝගිකයාගේ සිතැඟි නිමැවුමි එලෙසම සැකැසීමේ හැකියාව සතු නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනය සිය ආභරණ මහා බ්‍රිතාන්‍යය, ඩුබායි, කැනඩාව, ස්විට්සර්ලන්තය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12කට සාර්ථකව අපනයනය කරයි. ‘මේ විශිෂ්ට ජයග්‍රහණය අපි කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ ප්‍රතිඵලයක්. පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න අපි සුදානම්.‘ නිත්‍යකල්‍යාණි ජුවලරිහි ප්‍රධාන විධායක නිලධාරි ඒ. පී. ජෙයරාජා මහතා පැවැසීය. පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා නව විලාසිතාවලින් සපිරි නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය www.nithyakalyani.com දශක හතරක ඉතිහාසයකට උරුමකම් කියන දේශීය ආයතනයකි.

නව අදහස දක්වන්න