කැන්රිච් ෆයි­නෑන්ස් HNB පර­දවා අව­සන් තර­ග­යට | දිනමිණ

කැන්රිච් ෆයි­නෑන්ස් HNB පර­දවා අව­සන් තර­ග­යට

කැන්රිච් ෆයිනෑන්ස් පිල හැටන් නැෂනල් බැංකු MCA B පිල ලකුණු 22කින් පරදා HNB කාණ්ඩයේ අවසන් වටයට පැමිණීමට කටුනායක මේරියන්ස් පිටියේදී සමත් විය. කැන්රිච් පිල ලකුණු 185ක ඉලක්කයක් HNB පිලට ලබා දී තිබුණ අතර, එම ලකුණු ප්‍රමාණය හඹා ගිය HNB පිලට ලබා ගත හැකි වූයේ පන්දු වාර 34ට ලකුණු 123ක් පමණි. එම අවස්ථාවේදී තරගය දැඩි වර්ෂාව නිසා නතර වූ අතර, ඩක්වර්ට් සහ ලුවිස් න්‍යායට අනුව කැන්රිච් පිල ලකුණු 22ක ජයක් ලබා ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්රිච් පිල පන්දු වාර 44ක් තුළ ලකුණු 184ක් ලබා ගැනීමට සමත් විය. ප්‍රමෝද් මධුවන්ත ලකුණු 54ක්, රන්ජිත් අසේල ආරච්චි ලකුණු 23ක්, තරුශාන් ඉද්දමල්ගොඩ ලකුණු 23ක් ලබා ගත්හ. පූර්ණ චාරුක 2/20, චානක දේවින්ද්‍ර 2/32 බැගින් කඩුළු ලබා ගත්හ.

නව අදහස දක්වන්න