බජාජ් ඔටෝ මසක් ඇතු­ළත ලක්ෂ 5ක් අලෙවි කරයි | දිනමිණ

බජාජ් ඔටෝ මසක් ඇතු­ළත ලක්ෂ 5ක් අලෙවි කරයි

ලෝකයේ විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා සහ තෙවන විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඞ් පසුගිය සැප්තැම්බර් මාසය තුළ වාහන 502,000ක් අලෙවි කිරීමට සමත් වූ අතර, එය එම සමාගම් ඉතිහාසයේ මසකදී අලෙවි කළ වැඩිම වාහන සංඛ්‍යාව ලෙස වාර්තාගත විය. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බජාජ් ඔටෝ සමාගම අලෙවි කළ වාහන සංඛ්‍යාව 428,000ක් වූ අතර, ඒ අනුව සැසඳීමේදී මේ වසරේ අදාළ මාසයේදී සියයට 17ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම බජාජ් වාහන අපනයනයේද සියයට 30ක වර්ධනයක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේදී පෙන්නුම් කර ඇත.

නව අදහස දක්වන්න