පෙප්සිකෝ Sting පානය ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි | දිනමිණ

පෙප්සිකෝ Sting පානය ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි

තම නවතම Sting පානය මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදීමට පෙප්සිකෝ සමාගම පසුගිය දා පියවර ගත්තේය. මෙය තවත් ගෝලීය පෙප්සිකෝ සන්නාමයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. විදුලි ජවයක් පුදුම ගතියක් යන තේමාව යටතේ Sting පානය මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දුනි. මේ නවතම නිෂ්පාදනය සූත්‍රකෘත කැෆෙන් බීම කාණ්ඩය යටතේ පළමුවරට වීදුරු සහ PET වර්ගයේ බෝතල්වලින් පැවැතීම ද විශේෂත්වයකි. නව නිෂ්පාදනය දිවයින පුරා සියලුම වෙළෙඳසැල්/ සුපිරි වෙළෙඳසල්වලින් ලබාගැනීමේ හැකියාව පවතී.

Sting පානය මිලි ලීටර 200 වීදුරු බෝතල් (ආපසු භාර දිය යුතු) සහ මිලි ලීටර 250 PET බෝතල් ලෙස නිකුත් කර ඇති අතර, ඒවායේ මිල පිළිවෙළින් රුපියල් 50ක් සහ 80ක් වේ. ඒ හරහා වැඩි පාරිභෝගික පිරිසකට මිලදී ගැනීමට හැකි ලෙස අඩු මිල ගණන් යටතේ ඉදිරිපත් කර තිබීම ද විශේෂ වාසියකි. මේ පානය ශ්‍රී ලංකාවේ පෙප්සිකෝ සහකරුවරුන් බෙවරේජර්ස් ලංකා පුද්ගලික සමාගම හරහා ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම සිදුවේ.

සෞඛ්‍ය සහ සුවතාව පිළිබඳ පාරිභෝගික අවධානය ඉහළ යමින් පවතින පසුබිමක වැඩි සෞඛ්‍ය හිතකරතාවකින් යුත් නිෂ්පාදන හඳුන්වාදීමට පෙප්සිකෝ වැඩි සැළකිල්ලක් යොමු කර තිබේ. එහිදී අඩු කැලරි සහ අඩු සීනි සහිත පාන වර්ග හඳුන්වාදෙමින් පාරිභෝගික අවශ්‍යතා මෙන්ම ව්‍යාපාරික සහ නියාමන අවශ්‍යතා හා අනුකූලවීමට ද පෙප්සිකෝ පියවර ගෙන ඇත. වර්ෂ 2025 වන විට පෙප්සිකෝහි ගෝලීය සිසිල් බීම නිෂ්පාදන පෙළින් තුනෙන්

දෙකක් කැලරි 100ට අඩු හා සීනි අවුන්ස 12ට අඩු මට්ටමින් ඉදිරිපත් කිරීම ඉලක්කය වී තිබේ.

නව අදහස දක්වන්න