ප්‍රවීණයන්ගේ පිහිනුම් ආධිපත්‍ය ඔටර්ස් ක්‍රීඩා සමාජය පතුරවයි | දිනමිණ

ප්‍රවීණයන්ගේ පිහිනුම් ආධිපත්‍ය ඔටර්ස් ක්‍රීඩා සමාජය පතුරවයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මෙහෙයවූ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ දිගුදුර පිහිනුම් ශූරතාවලියේ කාන්තා හා පිරිමි සමස්ත ශූරතා කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජය හිමිකර ගනියි. මේ වසරේ පැවැති කෙටිදුර පිහිනුම් තරගාවලියේදී ද ශූරතා දෙකම හිමිකර ගෙන සිටි බැවින් ප්‍රවීණයන්ගේ පිහිනුම් තරග අංශ දෙකේම ආධිපත්‍ය පැතිරවීමට ඔටර්ස් ක්‍රීඩා සමාජය සමත්වීම කැපී පෙනේ.

දිගුදුර පිහිනුම් කාන්තා අංශයේ ශූරතාව ලකුණු 361ක් ලබා ඔටර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනිද්දී අනු ශූරතාව ලකුණු 117ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි විය. එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩිකාවෝ (ලකුණු 38) දිනා ගත්හ. සිවුවැනි ස්ථානයට ශ්‍රී ලංකා නාවික හමුදාව (ලකුණු 38) හා පස්වැනි ස්ථානයට සිංහල ක්‍රීඩා සමාජය (ලකුණු 21) පත්වූහ.

පිරිමි අංශයේ සමස්ත ශූරතාව ලකුණු 510ක් ලබා ඔටර්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනු ශූරතාව ලකුණු 385ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයට හිමිවූ අතර එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවට (ලකුණු 296) හිමි විය. තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව (ලකුණු 296), සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව (ලකුණු 225) හා පස්වැනි ස්ථානයට ගම්පොල පිහිනුම් සමාජය (ලකුණු 10) පත්වූහ. ලකුණු 9ක් ලැබූ රේන්බෝ පිහිනුම් සමාජය හයවැනි ස්ථානයට පත්විය.

මේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ දිගුදුර පිහිනුම් තරගාවලිය කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජ පිහිනුම් තටාකයේ පැවැති අතර වයස් කාණ්ඩ කිහිපයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

පිරිමි අංශයේ වයස් කාණ්ඩ ශූරයන් ලෙස ආර්. කේ. බී. එස්. එස්. කුමාර, එල්. වී. ප්‍රනාන්දු, කන්ත කරුණාරත්න, ටී. ජේ. නානායක්කාර, අයි. පී. ඒ. කැකුලන්දර, පී. එල්. උමගිලිය හා ජී. ජී. සිරිවර්ධන සම්මාන දිනා ගත්හ. කාන්තා වයස් කාණ්ඩ ශූරියන් ලෙස ඔනීතා රණසිංහ, සුමුදු ලියනගේ, නයෝමී ඩීන් හා දිලිනි දොලපිහිල්ල සම්මාන දිනා ගත්හ.

ජයග්‍රහාගී ඔටර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගයාන් හෙට්ටිආරච්චි, තිමිර වත්තේගම, පසන් එරමුසුගොඩ, රසිත ජයරත්න, අක්ෂයන් රාජසිංහම්, සචේන්ද්‍ර ජයසුන්දර, රෝහිත අමරසේකර, බී. එච්. ඉන්දික, නිමල් හෙට්ටිආරච්චි, සී. එස්. අයි. එදිරිසිංහ, බී. එම්. කුමාර, උතික ද සිල්වා, එච්. පී. කුලරත්න, රොජර් කනක, කේ. ආර්. බමුණු ආරච්චි, කන්ත කරුණාරත්න, ජී. ජී. සිරිවර්ධන, පී. එල්. උමගිලිය, ටී. පී. ඒ. කැකුලන්දර, සී. ජේ. නානායක්කාර, අජන්ත සිල්වා, එල්. වී ප්‍රනාන්දු හා චන්දන වීරකෝන් ක්‍රීඩා කළහ.

ඔටර්ස් කාන්තා කණ්ඩායමට අපේක්ෂා විජේසූරිය, ඔනීතා රණසිංහ, සුමුදු ලියනගේ, නයෝමී ඩීන් හා දිලිනි දොලපිහිල්ල, ඉන්දු සත්‍යපාල, තමාලී වීරසිංහ, සාක්යා දයානන්ද, අචලා ගලප්පත්ති, චිත්‍රා වීරකෝන්, දෙහෙරා කැටෙපේආරච්චි, සිනලී උක්වත්ත හා නිලක්ෂී දෙහෙරගොඩ ඇතුළත් වූහ.

 


නව අදහස දක්වන්න