මාර්ගය පටුයි අනතුරු වැඩියි | දිනමිණ

මාර්ගය පටුයි අනතුරු වැඩියි

කළුතර සිට පලාතොට හන්දිය දක්වා වන මාර්ගයේ පලාතොට හංදියට ආසන්නව ඉතාම පටු හා වංගු සහිත බව නිසාම අනතුරුදායක හා වාහන තදබදය පවතින ස්ථානයක් බවට පත්ව තිබේ.

දිනපතා මෙම මාර්ගය ඔස්සේ කෙත්හේන, නාගොඩ සහ නෑබඩ ඇතුළු ප්‍රදේශ රැසකට ලොකු කුඩා වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරන අතර මේ තත්ත්වය නිසාම දැඩි අපහසුතාවන්ටද පත්වෙති.

එම නිසා මෙම මාර්ගයේ ඇතැම් ස්ථානවල පවතින තත්ත්වය පිළිබඳව අදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවීමේ අවශ්‍යතාව බොහෝදෙනෙක් පෙන්වා දෙති.

ඡායාරූපය - නාගොඩ විශේෂ - එන්. විජේරත්න

නව අදහස දක්වන්න