ලක්ෂ 2ක මත්කුඩු සමඟ සැකකරු කොටු | දිනමිණ

ලක්ෂ 2ක මත්කුඩු සමඟ සැකකරු කොටු

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

ලක්ෂ 02 ක්පමණ වටිනාකම ඇති මත් කුඩු ග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයකු පසුගිය 26 දා පොකුණුවිට ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි .

මෙම පුද්ගලයා ඊෂි කෑෂ් ක්‍රමයට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන විදුලි කණු යට කුඩු තබා අලෙවි කරන බව පොලීසිය පවසයි .

අරක්කු බෝතල් වල මූඩි වලට දමා පොකුණුවිට ජනසෙත පාරේ විදුලි කණු යට සඟවා තිබියදී මෙම කුඩු තොගය සොයා ගැනීමට හැකි වි තිබේ .

හොරණ , පෝරුවදණ්ඩ , ඉංගිරිය , පොකුණුවිට ආදී ප්‍රදේශ රැසකට මත් කුඩු අලෙවි කරන මෙම පුද්ගලයා මීට පෙර බයිසිකල් සොරකමකට සහ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව බන්ධනාගාරගතව සිටි අයකු බවද පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට පත් වූයේ කුඩු ලාල් නමින් හදුන්වන ඉළිඹ ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකි .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන , සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන , මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර කොට් නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති අසංක රජකරුණා , පොසැ 17605 ආනන්ද පොසැ 41064 සේපාල , 55202 වීරසිංහ , 69615 ජයසූරිය , 34502 ධර්මසේන , 69918 වසන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ .


නව අදහස දක්වන්න