විදෙස් සංචාරක කඳවුරක් උසන්ගොඩ වෙරළේ දී | දිනමිණ

විදෙස් සංචාරක කඳවුරක් උසන්ගොඩ වෙරළේ දී

ලුණම සමූහ සනත් ගමගේ

විදෙස් සංචාරකයන් 2500 ක ගේ පමණ සහභාගීත්වයෙන් සංචාරක විදෙස් සංචාරක කඳවුරක් අම්බලන්තොට උසන්ගොඩ වෙරළ ආසන්නයේ දි ලබන වසරේ ජනවාරී මස 9 සිට 15 දක්වා පැවැත්විමට සැලසුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරීයේ ක්ෙෂ්ත්‍ර නිලධාරි රෝහිත රත්නතුංග මහතා කීය.

මෙම සංචාරක කඳවුර පවත්වාගෙන යාමට අපේක්ෂා කරන උසන්ගොඩ කඳුමුදුන ආසන්න වෙරළ තීරයේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

පසුගිය මේ වසරේ දී මෙම සංචාරක කඳවුර පානම ප්‍රදේශයේ වෙරළ තීරයේ පැවැති බවත්, මෙවර දකුණු පළාත ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව මෙහිදී අනාවරනය විය.

රටවල් 70 ක් නියෝජනය කරමින් මෙම කඳවුරට සහභාගී වන සංචාරකයන්ගෙන් මෙරටට විශාල අදායමක් ලැබෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. අදාළ ව්‍යාපෘති වාර්තාව වනජීවී දෙපාර්තුමේන්තුව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට හා අදාළ සෙසු ආයතනවලට ලබා දෙන ලෙසට හම්බන්තොට දිස්ත්රිමක් ලේකම් එම්. කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙහිදී මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන සංවිධානයට උපදෙස් ලබා දුන්නේය .

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් එච්.තිලකවර්ධන, සංචාරක කඳවුර සංවිධානය කරනු ලබන සංවිධනායේ නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.


නව අදහස දක්වන්න