උහන තිස්ස­පුර ගමට අලි කර­දර | දිනමිණ

උහන තිස්ස­පුර ගමට අලි කර­දර

අම්පාර උහන තිස්ස­පුර ගම්මා­න­යට කාල­යක සිට වන අලි ගම්වැ­දීම හේතු­වෙන් එම ප්‍රදේ­ශයේ ගම්වා­සීන්ට නිවෙස් අත­හැර දමා ආර­ක්ෂක ස්ථාන කරා යාමට සිදු වී ඇතැයි ගම්වා­සීහු පව­සති. දින­ප­තාම ගම් වදින අලි තම ගෙවතු වගා­වන් මෙන්ම නිවාස ද විනාශ කරන බව ඔවුහු සද­හන් කරති.

මේ පිළි­බද ප්‍රදේ­ශ­වා­සීහු මෙසේ කීහ. ඩබ්ලිව්. වික්‍ර­ම­පාල- තනි අලියා තාප්පය කඩලා අපේ වත්තට ආවා. වත්තේ තිබුණු කෙසෙල් වගාව සම්පූ­ර්ණ­යෙන්ම විනාශ කළා. රාත්‍රී කාලයේ වැසි­කි­ළි­ය­ට­වත් යන්න බයයි. ඉස්සර අලි ආවත් මේ වගේ කර­ද­ර­යක් වුණේ නැහැ. මේ දව­ස්වල දිග­ටම වන අලි ගම් වදි­නවා. අලි එළ­වන්න වෙඩි­ල්ල­ක්වත් නැත. හදි­සියේ රාත්‍රී කාලයේ අස­නී­ප­යක් වුණොත් රෝගියා රෝහ­ලට රැගෙන යන්නත් බයයි.

ඩබ්ලිව්. ඩබ්ලිව් . මනෝරි - හැම­දාම අපේ වත්තට ගේට්ටුව පිටි­ප­ස්සෙන් අලියා ඇවිත් යනවා.

ආනන්ද අතු­කෝ­රාල - මේ කන්නයේ අපේ කුඹුරු වගා කර තිබෙ­නවා. අලි එන නිසා රාත්‍රි කාලයේ ගහක් උඩ පැළක් හදා­ගෙන තමයි ඉන්නේ. අලි ගම්ව­ලට ආවත් අපට අලි වෙඩි­ල්ල­ක්වත් හම්බ­වෙලා නැහැ. අලි වැට නම් දවල්ට හද­නවා. නමුත් ඒක රෑට වන අලි ඇවිත් කඩා දානවා.

අම්පාර අලි පාලන ඒක­කයේ අඩවි ආර­ක්ෂක එම්.ඩී.එස්. සංජීව මහතා මෙසේ කීවේය. ඔය කියන ප්‍රදේ­ශ­යෙන් මාස තුනක් තුළ අපිට පැමි­ණි­ල්ලක් ලැබුණේ නම් නැහැ. කලින් නිල­ධා­රීන් පිරි­සක් උහන තිස්ස­පුර ප්‍රදේ­ශ­යට යවලා මේ පිළි­බඳ සොයා බලා වන අලින් ගම් වැදීම නතර කිරී­මට අවශ්‍ය කට­යුතු කළා. ඒ වාගේම සිවිල් ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් අලි වැට නිත­රම පරීක්ෂා කර­නවා. නඩත්තු කර­නවා.

රවීන්ද්‍ර මැද­ගෙ­දර - අම්පාර සමූහ

නව අදහස දක්වන්න