ජනපති කිලිනොච්චියේ විශේෂ නිරීක්ෂණයක | දිනමිණ

ජනපති කිලිනොච්චියේ විශේෂ නිරීක්ෂණයක

කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (07දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.

ජනාධිපතිවරයාගේ හදිසි පැමිණීම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටී අතර ඔවුන් මහත් ගෞරවයෙන් යුතුව ජනාධිපතිවරයා හට එහිදී සුහද පිළිගැනීමක් හිමිවිය.

එම ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක නිරතවිය. දීර්ඝකාලීන සංවර්ධන ගැටලූ විසඳා දෙමින් තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දැකිය හැකි සංවර්ධනයක් උදාකර දීම පිළිබද ඔව්හු අනේක වාරයක් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.

ප්‍රදේශයේ තවත් සංවර්ධන ගැටලූ කිහිපයක් ද ජනාධිපතිවරයා වෙත එහිදී ඉදිරිපත් කළ අතර ශාන්තිකුලම් විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් සහ ප්‍රදේශයේ අඩුපාඩු කීපයක් පිළිබඳ ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා එහිදී දැනුවත් කළේය.

එම ගැටලු පිළිබද කඩිනම්න් සොයා බලා විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.

නව අදහස දක්වන්න