ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වැනි සංවත්සරය හෙට | දිනමිණ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වැනි සංවත්සරය හෙට

විජයානි එදිරිසිංහ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68වැනි සංවත්සරය හෙට (9) යෙදී තිබේ. එදා මෙදා තුර දිර්ඝ කාලයක් පුරා අප නාවික හමුදාව දශක තුනක කාලයක් තිස්සේ මෙරට පැවැති යුද්ධයේ දී මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ මහෙයුම්වල දී අප්‍රමාණ වූ කැපවීමක් කර යුද්ධය විජයග්‍රහණය කිරීමට සෙසු සහෝදර හමුදාවන් සමඟ එක්ව කටයුතු කළ නිසා මේ රටට සහ ජනතාවට කළ සේවය කිසි දිනක අමතක කළ නොහැකිය.

උඩින් ගොඩින් මෙන්ම මහ මුහුද හරහා එන සියලු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට නොබියව මුහුණ දී නාවික හමුදාවේ විරුවන් කළා වූ ඒ කැපවීම අභිමානයෙන් යුක්තව අපි සිහිපත් කරන්නෙමු. අවසන් මානුෂිය මෙහෙයුම දක්වා වසර තිහකට වැඩි කාලයක් තුළ කොටි ත්‍රස්තවාදීන් විසින් මෙරටට ගෙන එන ලද මහා පරිමාණ අවි නැව් අටක් මහ මුහුද මැදදී ගිනිබත් කළ අපේ නාවික හමුදාව එම නැව් විනාශ නොකළා නම් මෙරට යුද්ධය මීට වඩා වෙනත් අතකට යොමු වීමට ඉඩ තිබුණි.

එහෙත් තම ජීවිත ගැන තම දූ දරුවන් ඥාති හිතවතුන් සියල්ල අමතක කර දමා ගිනි අවිය පමණක් අත දරාගෙන ඉමක්කොනක් නොදකින මහා සාගරය තුළ ත්‍රස්තවාදීන් සමඟ කළ සටන්වලදී අපේ නාවික හමුදාවේ විරුවන්ගේ ලේ බිදු ඒ මහා සාගරයට එක්වී ඇති බව කිසි විටෙකත් අමතක කළ නොහැක්කක් වෙයි.

එදා මෙදා තුර වසර හැට අටක කාලයෙන් දරුණුම කාලයක් ගෙවූ නාවික හමුදාව තවත් නොනැවතී අදටත් මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අති විශාල සේවයක් කරන බවත් මේ රටේ සංවර්ධනයට ස්වභාවික ආපදාවන්ට මුහුණ දී මහජන ජීවිත දේපළ ආරක්ෂා කිරීමට කරනු ලබන සේවාවද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

අදහස් 1ක් ඇත

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68වැනි උපන් දිනයට අපගේ උනුසුම් ශුභ පැතුම් මේ සමග පිරිනමමි ! අප රටේ 30 වසරක බිහිසුනු යුද්ධය නිමා කිරීම සඳහා නාවික හමුදාව ඉටු කළ මෙහෙය අති ප්‍රසන්සනීය යි. ලංකා දීපයේ ගොඩබිම සහ මුහුද සතුරා ගෙන් රැක ගැනීම සඳහා නවික හමුදාව පාබල හා ගුවන් හමුදාව සමග උරෙනුර ගැටී දැඩි සටනක් ගෙන ගියේ ය. මේ ජයග්‍රහනය අප කාගේත් ජයකි. එබැවින් ඊට දායක වූ අතිගරු මහින්ඩ රාජපක්ශ මහතාටත්; ගෝඨාභය මැතිඳුන්ටත්, නැව්පති කරන්නගොඩ මැතිඳුන්ටත් අප සැම සදා නය ගැති ය. සියල්ලටමත් වඩා අප නයගැති වන්නේ අප වෙනුවෙන් දිවි දුන් නන්නාඳුනන රනවිරුවාට ය. ගීතයක ඇති ලෙස අප කිය යුත්තෙ "ඔබේ ලෙයින් අ පි අඩ අඹු දරු රකිමු" කියා ය. නන්නාඳුනන රනවිරුවා අනන්ත කාලයක් දෙව්ලොව වැට සිට නැවත අපට පිහිට අවශ්ය මොහොතෙහි මනු ලොවට වැඩ අප රකිනු ඇත !

නව අදහස දක්වන්න