ගුජරාටයේ වායු දූෂණයෙන් ගිය වසරේ 29,791ක් මිය ගිහින් | දිනමිණ

ගුජරාටයේ වායු දූෂණයෙන් ගිය වසරේ 29,791ක් මිය ගිහින්

ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ මෙන් ඇසින් දක්නට නොලැබුණ ද ගුජරාටයේ පවතින වායු දූෂණය හේතුවෙන් පසුගිය වසරේ මියගිය සංඛ්‍යාව 29,791ක් බව බලධාරීහු පවසති. මේ අතර දිල්ලියේ වායු දූෂණය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔවුහු පවසති. මේ තත්ත්වය කාර්මිකරණය මෙන්ම රථ වාහනවලින් පිටවන දුම වැඩි ප්‍රමුඛතම සාධකය වී ඇති බව ඔවුහු අවධාරණය කරති.

කුඩා දරුවන් හා වැඩිහිටියන් වැඩි ප්‍රමාණයක් පරිසරයට නිරාවණය වීමෙන් ශ්වසන පද්ධතියේ සහ අස්ථි පද්ධතියේ බාධා, ඇඳුම වැනී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම මෙන්ම පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඔවුන් සඳහන් කරයි.

පසුගියදා වායු දූෂණය හේතුවෙන් පාසැල් 6000කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට හේතු වූ බව වාර්තා විය.

 


නව අදහස දක්වන්න