නාමල්ගේ දුරකතනය හොංකොං රාජ්‍යයට | දිනමිණ

නාමල්ගේ දුරකතනය හොංකොං රාජ්‍යයට

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමට හොංකොං දේශයට යවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, අදාළ ජංගම දුරකතනය රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ රාත්‍රියේ හොංකොං දේශය බලා පිටව ගිය බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨභය රාජපක්ෂ ඝතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියා ද හෙළිදරව්වක් කළේ ය.

 

නව අදහස දක්වන්න