පෙත්සමට අදාළ නියෝගය ජනවාරි 31 | දිනමිණ

පෙත්සමට අදාළ නියෝගය ජනවාරි 31

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද (10) නිවේදනය කළේය.
 
කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. 
 
එහෙත් කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය අද නඩු විභාග කටයුතු සඳහා සහභාගී නොවීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 31 වනදා දක්වා කල් තබන බවයි විනිසුරු ජනක් ද සිල්වා නිවේදනය කළේ.
 
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
 
එම පැමිණිල්ල තුළින් ඩෙනීෂ්වරන් මහතා කියා සිටින්නේ උතුරු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන්ව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා විසින් ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.
 
එම තහනම් නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් තමන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ බව ද ඩෙනිෂ්වරන් මහතා පවසයි.
 
එම අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම නීති විරෝධී යැයි සඳහන් කරමින් විග්නේෂ්වරන් මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන් මූලික විරෝධතා මතු කළේය.

නව අදහස දක්වන්න