දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට ට්‍රයිසිකලයෙන්... | දිනමිණ

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට ට්‍රයිසිකලයෙන්...

දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයකින් ගමන් ගන්නා යුද හමුදා අාබාධිත සෙබළ කෝප්‍රල් පී. කේ. ජී. කේ. කරුණාරත්න පිළිගැනීම වන්නි ආරක්ෂක සේනාවන් විසින් ඊයේ (9) සිදුකරනු ලැබීය.

අවසන් යුද සමයේ 2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇඟිලි අහිමි කරුණාරත්න සෙබළා පසුගිය 3 දා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ පිළිගැනීමේ වැඩසටහන සංවිධාන කොට තිබු අතර, මාර්ගය දෙපස යුද හමුදා සෙබළුන්ගේ උණුසුම් පිළිගැනීම් මැද කරුණාරත්න සෙබළා වන්නි ආරක්ෂක කලාපය වෙත පැමිණියේය. ඔහු දහවල් නැවත කිලිනොච්චිය ආරක්ෂක සේනා කලාපය වෙත ගමන් කිරීමට නියමිත අතර 10දා යාපනය වෙත ළඟාවීමට නියමිතය.

ජායාරූප
වවුනියාව උතුර සමූහ
බන්දුල සෙනෙවිරත්න, අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක 


නව අදහස දක්වන්න