නේෂන්ස් ට්‍රස්ට් නවතම ශාඛාව දඹුල්ලට | දිනමිණ

නේෂන්ස් ට්‍රස්ට් නවතම ශාඛාව දඹුල්ලට

වම් පසින් - දඹුල්ල - නගරාධිපති - ජාලිය ඕපාත, දකුණු පසින් - නේෂන් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති - ප්‍රියන්ත තලවත්ත මහතා

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නවතම ශාඛාව පසුගිය නොවැම්බර් මස 26වන දා දඹුල්ල නගරයේදී සුබ මොහොතින් විවෘත කරන ලදී. අංක 700, අනුරාධපුර පාර, දඹුල්ල යන ලිපිනයේ විවෘත කරන ලද මෙම නව ශාඛාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සියලුම සේවාවන් හා පහසුකම් ද සමගින් පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්යක්‍ෂම සුවපහසු සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වේ.

දඹුල්ල නගරයේ මෙලෙස විවෘත කරනු ලැබුවේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 94වැනි ශාඛාව වන අතර, විවෘත කිරීමේ නිල උත්සවයට බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි විය.

මෙම අවස්ථාවට සහභාගි වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ශාඛා ජාලය) ෂෙහාන් ඩැනියෙල් මහතා මෙසේ අදහස් දැක්වීය. “අප කලක සිට සැලසුම් කර සිටි ආකාරයට අපගේ නවතම ශාඛාව දඹුල්ල නගරයේ මෙසේ විවෘත කරන්නට ලැබීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත්වෙනවා. දඹුල්ල නගරය, සංචාරක පුරවරයක් මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳාම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ද අතිශය වැදගත්කමක් උසුලන නගරයක්.”

නව අදහස දක්වන්න