ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු වෙජි­ට­බල් පකෝරා | දිනමිණ

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු වෙජි­ට­බල් පකෝරා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි ග්‍රෑම් 200යි

කෝන්පිටි ග්‍රෑම් 50යි

අසමෝදගම් ඇට තේ හැඳි 01යි

කහ කුඩු තේ හැඳි ½යි

රස පදමට ලුණු

අවශ්‍ය පමණ ජලය

බැඳීම සඳහා තෙල්

බටු පෙති 04යි

අල පෙති 04යි

ලූණු පෙති 04යි

අමු මිරිස් කරල් 04යි

සාදන ක්‍රමය

මුලින්ම හාල්පිටි, කෝන්පිටි, අසමෝදගම් ඇට, මිරිස්කුඩු, කහ කුඩු සහ ලුණු බඳුනකට දමා, හොඳින් මිශ්‍ර කරන්න. මෙයට වතුර ටිකෙන් ටික එක්කරමින්, උකු මිශ්‍රණයක් සාදා ගන්න. දැන් ගැඹුරු තෙලේ බැදීම සඳහා තෙල් රත් කරන්න. බටු පෙති, අල පෙති, ලූණු පෙති,අමු මිරිස් ගෙන, කලින් සාදාගත් උකු මිශ්‍රණයේ බහා, රත් වූ තෙලට දමා, රන්වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න.

සටහන - කාංචනා සිරිවර්ධන

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා

සුජාතා ජයරත්න

නව අදහස දක්වන්න