ෆවුසුල් හමීඩ් ගේ ‘Concept 2019’ විලාසිතා දැක්ම | දිනමිණ

ෆවුසුල් හමීඩ් ගේ ‘Concept 2019’ විලාසිතා දැක්ම

ඉමහත් උනන්දුවකින් බලාසිටි මෝස්තර නිර්මාණයේ විශිෂ්ඨයෙකු වන ෆවුසුල් හමීඩ් ගේ ‘Concept 2019’ මෝස්තර දැක්ම පසුගියදා එන්වෝයි මෙන්ෂන් හිදී පැවැත්විණි. කළු (Black) තේමාවෙන් ඉදිරිපත් කළ මෙම සුවිශේෂී මෝස්තර දැක්ම නැරඹීමට කොළඹ ඉහලම පෙළේ මෝස්තර කරුවන්, ප්‍රභූන් සහ ව්‍යාපාරික සහ කර්මාන්ත අංශයේ කැපීපෙනෙන පුද්ගලයන් සහ උසස් සමාජයේ සාමාජිකයන් ඉමහත් උනන්දුවකින් රැස්ව සිටියහ.

මෙහිදී නිරූපණ ශිල්පීන් ෆවුසුල් හමීඩ්ගේ 2019 මෝස්තර එකතුවෙහි මනරම් ඇඳුම් මෝස්තර ඉදිරිපත් කරමින් එකිනෙකා පරයමින් හැඩ පෝරු පලස දිගේ ගමන් කරන ආකාරය නරඹන්නන් මන්මත්කරවන දර්ශණයක් විය. ජේත්තුකාර ලෙස නිර්මාණය කර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිරූපන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද පිරිමි ඇඳුම් මෝසතර දැක්ම හැඩ පෝරු පලස එකළු කළ, නෙත් වසඟකළ දර්ශනයක් විය.

ෆවුසුල් හමීඩ්, සෑම වසරක් පාසාම පිරිමි අැඳුම් මෝස්තර ඉහල නංවන අතර ඔහුගේ මෝස්තර දැක්ම ප්‍රේක්‍ෂකයින් පුදුමයට පත් කරවන ආකර්ෂණයක් වී ඇත. මෝස්තර දැක්මට ඉදිරිපත් කළ ජේත්තුකාර පිරිමි ඇඳුම් මෝස්තර බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. හයවෙනි වරට පැවැත්වූ මෙම ඇඳුම් මෝස්තර දැක්ම සඳහා මනාලයන් වීමට අපේක්‍ෂාකරන තරුණයන්ට සමාජ ජාලයන් හරහා තරඟයකට ආරාධනා කෙරුනු අතර තෝරාගන්නා ලද වාසනාවන්ත ජගග්‍රාහකයින්ට ‘කළු 2019 සංකල්පය’ සඳහා සහභාගී වීමේ වරම් හිමිවිය.

'නව මෝස්තර එකතුවක් එලිදැක්වීම හැම විටම ඉතා බැරෑරුම් සහ විඩා ගෙනදෙන කාර්යයකි. එනමුත් ප්‍රේක්‍ෂකයින් පෙන්වන සතුට, වින්දනය සහ අගයකිරීම මෝස්තර දැක්ම සඳහා දරණ ලද වෙහෙස ආශ්වාදයක් බවට පත්කරයි.

මේ වසරේ 2019 සංකල්පය පිළිබඳව ප්‍රේක්‍ෂකයන් පෙන්වන ලද ප්‍රසාදය සහ අගයකිරීම නිසා මා ඉතා නිහතමානී සතුටක් විඳිමි. ඒකාකාරී නොවී තියුණු වෙනස්කම් පෙන්වන මොස්තර සහ විලාසිතා කළු සහ තද පැහැයන්ගෙන් පමණක් සැලසුම් කිරීමට සිදුවූ නිසා, වසරේ තේමාව වූ කළු පැහැය අභියෝගාත්මක විය. සිය විවාහ දිනයේදී මනාලයන්ට සුවිශේෂී කැපී පෙනීමක් පෙන්විය හැකි පිරිමින් සඳහා වූ විවාහ ඇඳුම් මෝසතර එකතුවක් ද මා මෙවර එලි දක්වා ඇත. මෙහිදී අදහස් දක්වමින් ෆවුසුල් හමීඩ් මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න