O/L ගණිතය උත්තර ලියමින් වංචා කළ 03ක් අත්අඩංගුවට | දිනමිණ

O/L ගණිතය උත්තර ලියමින් වංචා කළ 03ක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු නියමිත අපේක්ෂයින් වෙනුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් වී විභාගයට පෙනීසිටි 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
විභාග ශාලා නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මාතර, තිහගොඩ පුහුල්වැල්ල ප්‍රදේශයේ පාසලකදී මෙලෙස එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඊට පෙනී සිටිය යුතු නියමිත විභාග අපේක්ෂකයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 25 වයස්වල පසුවන කරතොට පදිංචි දෙදෙනෙකි.
 
එලෙස තවත්, ව්‍යාජ ලෙස අදාළ විභාගයේ ගණිතය පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තණමල්විල බෝදාගම පාසලකදී සැකකරුවෙක් සහ නියමිත අපේක්ෂකයාද අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. 
 

නව අදහස දක්වන්න