ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයට සැක 04 ක් අත්අඩංගුවට | දිනමිණ

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයට සැක 04 ක් අත්අඩංගුවට

 හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකු හකුරුගේ ශාන්ත මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පසුගිය නොවැම්බර් 04වනදා හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේය.
 
ඔවුන් සතුව තිබූ යතුරුපැදි දෙකක් ද පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
 
සැකකරුවන් අද(11) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හක්මන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.
 
 

නව අදහස දක්වන්න