හච් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ එක්සත් කණ්ඩායමට | දිනමිණ

හච් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ එක්සත් කණ්ඩායමට

හච් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය සිය වාර්ෂික අන්තර් අලෙවිකරුවන් වෙනුවෙන් සංවිධාන කළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ එක්සත් කණ්ඩායම සමත් විය.

අඛණ්ඩව 6 වැනි වරටත් නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැති තරගාවලියට දිවයින පුරා පිහිටි හච් අලෙවි මධ්‍යස්ථානය 40ක් නියෝජනය කරමින් කණ්ඩායම් 40ක් තරග වැදුණි.

සියලු හච් විකුණුම් කණ්ඩායම් උද්යෝගිමත් කිරීම සඳහා 2002 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කෙරිණි. හච් නිෂ්පාදන සහ සේවා දිවයින පුරා සාර්ථකව බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන් හට තමන් හච් සන්නාමය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් වාර්ෂිකව එක්වීමේ අවස්ථාව මෙමගින් උදාවෙයි. මෙය හච් සමාගම සිය ව්‍යාප්තවන අලෙවි ජාලය සඳහා වසර පුරාම දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී අවස්ථාවකි.

ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් හච් ශ්‍රී ලංකා සමාගමේ විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරී මනෝජ් කුමාර් මෝසස් මහතා සඳහන් කළේ, ‘දිවයින පුරා අපගේ පාරිභෝගික ජනතාව වෙත අපගේ සේවාව ගෙනයාම සඳහා අලෙවිකරුවන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනවා. මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් අප ඔවුන්ගේ කැපවීම, ලෙන්ගතු බව සහ උනන්දුව ඇගයුමට ලක් කරනවා. ක්‍රිකට් යනු මෙරට සංස්කෘතියේ එකමුතුබවේ ක්‍රීඩාව වන අතර රට පුරා සිටින අපගේ හිතවත් අලෙවිකරුවන් එක් ස්ථානයකට රැගෙන ඒම සඳහා එවැනි අවස්ථාවක් සංවිධානය කිරීමට හැකිවීම පිළිබඳ අප සතුටු වනවා.’ යනුවෙනි.


නව අදහස දක්වන්න