ඉබ්බාගමුව සමුළු ශාලාවේ ඉබි යතුරු අරින්නේ කවදාද? | දිනමිණ

ඉබ්බාගමුව සමුළු ශාලාවේ ඉබි යතුරු අරින්නේ කවදාද?

හිරියාල ආසනයේ මහත් අඩුපාඩුවක්ව තිබියදී අලුතින් ඉදිකර විවෘත කරන ලද ඉබ්බාගමුව සම්මන්ත්‍රණශාලා ගොඩනැගිල්ල මාස තුනක කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව පවසයි.

2013 වසරේදි රුපියල් ලක්ෂ 1500ක පමණ වියදමකින් හිරියාල ජනතාවගේ ප්‍රයෝජනය සදහා “සිහින මාලිගාව” නමින් නම් කළ මෙම සම්මන්ත්‍රණශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කළේ එවකට අමාත්‍ය සාලින්ද දිසානායක මහතා අතිනි.ඉන් පසුව වරින්වර ඉදිකිරීම් කළද 2015 ජනාධිපතිවරණයත් සමගම එහි ඉදිකිරීම් එසර තුනක කාලයක් තිස්සේ ඇන හිට තිබුණි.වසර තුනක කාලයක් කැලයට යටවී ජරාවාසවී තිබු සම්මන්ත්‍රණශාලාව පිළිබදව දිනමිණ පුවත්පත මගින් කරුණු පෙන්වාදීමේ ප්‍රතිඵලයක් ඒ පිළිබද දැඩි අවධානය යොමුකළ හිරියාල එක්සත්ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතාගේ මැදිහත්වීම මත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 1048 ක වියදමින් මෙහි සියලු ඉදිකිරීම් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකි තුළදී නිමකරනු ලැබුණි.එසේ වැඩ නිමවූ සම්මන්ත්‍රණශාලාව ඉකුත් ජූලි මස 14 වන දින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.ආසන 500කින් යුතු සම්මන්ත්‍රණශාලාව අති නවීන පහසුකම්වලින් සමන්විතවන අතර මේවනතුරුත් ජනතාව සදහා විවෘත නොවු බව ප්‍රාදේශීය සභාව පවසයි.

මේ පිළිබදව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යු.කේ.සුමිත් උඩුකුඹුර මහතාගෙන් විමසූවිට මෙසේ කීය.

‘‘2013දී තමයි මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ.සාලින්ද දිසානායක ඇමැතිතුමාතමයි එය ආරම්භ කළේ.2015 ජනාධිපතිවරණයත් සමගම මෙහි ඉදිකිරීම් නැවතුණා.කෙසේ හෝ දැන් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සම්මන්ත්‍රණශාලා ගොඩනැගිල්ල ඉදිකර විවෘතකර තිබෙනවා.විවෘත කරලා මාස තුනකට ආසන්නයි.තවමත් මෙය ජනතාවගේ අවශ්‍යතා සදහා ලබා දෙන්නේ නැහැ.එහි ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු යොදවලා ඉබි යතුරු දාලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ වහලා තිබෙනවා.ජනතාවට අවශ්‍ය රැස්වීම් තියන්නනාට්‍ය පෙන්වන්න පාසල් දරුවන්ට අධ්‍යාපනික සම්මන්ත්‍රණ තියන්නමේ ගොඩනැගිල්ල ලබා දෙන ලෙස විවිධ සංවිධාන පුද්ගලයන් මගෙන් ඉල්ලීම් කරනවා.නමුත් ගොඩනැගිල්ල සභාවට භාරදීනැති නිසා මට ඒක කරන්නබැහැ.අපට ලැබෙන්න තියෙන ආදායම් මේ නිසා නොලැබී යනවා.වහලා තියන්නනම් ඇයි මේක හැදුවේ.අපි දන්නේ නැහැ ඇයි මේ සම්මන්ත්‍රණශාලා ගොඩනැගිල්ල ජනතාව සදහා විවෘත නොකරන්නේ කියලා.කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් යවමීන් කරුණු ඇසුවාත් තවමත් විසදුමක් ලැබුණේ නැහැ.ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල්වලින් හැදුවානම් ජනතාවගේ ප්‍රයෝජනයට ලබාදිය යුතුයිදැන් අපේ ආණ්ඩුවක්තිබෙන නිසා මේ ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාගන්න පුළුවනි.ඉක්මනින්ම ශාලාව සභාවට ලබාගන්නවා”.

චන්ද්‍රතිලක රත්නායක-ඉබ්බාගමුව විශේෂ

නව අදහස දක්වන්න