වල් අලි ප්‍රහාරවලින් ජයන්තිපුර හෙල්ලෙයි | දිනමිණ

වල් අලි ප්‍රහාරවලින් ජයන්තිපුර හෙල්ලෙයි

මිහිර විජේසේකර

කරුවලගස්වැව මුරියාකුලම ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී වන අලි විසින් පහරදීමක් සිදුවී ඇති අතර එක් අයෙකු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.මුරියාකුලම ජයන්තිවැව ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි දෙදරු පියකු මෙසේ වන අලියෙකු පහර දිමේන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.තුවාල ලැබූ අය සිය නිවස ආසන්නයේ වන අලි ගැවසෙන හඬ ඇසීමෙන් ගෙමිදුල නවතා තිබූ යතුරු පැදිය ආරක්ෂිත ස්ථානයකට ගැනීමට යාමේදී වන අලියෙකු විසින් පහරදී තිබේ. මෙසේ වන අලියාගේ පහර කෑමට ලක්වු දෙදරු පියාගේ සිරුර බලපතල ලෙස තුවාල සිදුව ඇති අතර දකුණ අතේ අස්ථි බිදිමකට ලක්ව තිබේ.දෙවන සිදුවිම පලමු වල් අලි පහර දිම සිදුවි පැයකට ආසන්න කාලයක් තුළදි සිදු වූ බව කරුවලගස්වැව පොලිසිය පවසයි.. මදුරන්කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාවන් සදහා කාන්තාවන් රැගෙන යමින් තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයකට දෙවනඅලි ප්‍රහාරය එල්ලවී ඇත. මෙම පහර දිම 4.45 ට පමන සිදුව ඇත. මෙසේ කාන්තාවන් පටවාගෙන ප්‍රදේශයේ අතුරු මාර්ගයක ලොරි රථය ගමන් කිරීමේ දී එකවරම වන අලියකු විසින් පහරදී තිබේ. මෙම පහර දීමෙන් අනතුරුව ලොරි රථයේ කාන්තාවන් ගමන් කරමින් සිටි පිටුපස කොටස මාර්ගයෙන් ඉවතට විසි වී ඇත. එම අවස්ථාවේ කාන්තාවන්ගේ කෑගැසීම හේතුවෙන් වන අලියා පලාගොස් තිබේ. අනතුරෙන් .ඔවුන්ට සුළු තුවාල සිදු වී තිබේ. සිද්ධියෙන් ඔවුන් දිවි ගලවා ගෙන ඇත්තේ පෙර පිනකට මෙන් බව ප්‍රදේශවාසීහු පවසා සිටිති.


නව අදහස දක්වන්න