අද සිට විද්යුත් තාක්ෂණික රියැදුරු පුහුණුව ඇරැඹේ | දිනමිණ

අද සිට විද්යුත් තාක්ෂණික රියැදුරු පුහුණුව ඇරැඹේ

නිමල් රාජපක්ෂ

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ අලුතින් ඉදිකළ විද්‍යුත් තාක්ෂණික රියැදුරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අද (12) පෙරවරුවේ විවෘත කෙරේ.

මෙම රියදුරු පුහුණු මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන පහළොවක් වටිනා විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර තුනක් (Simulator)රජයේ මැදිහත්වීම මත ජපානයේ N.T.K ආයතනය මගින් මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව වෙත ලැබී ඇතැයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

එසේ ලබාදුන් විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර සවිකිරිම සදහාම අලුතින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට ඇත.

නව අදහස දක්වන්න