මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

දෙසැම්බර් මස 12 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා

මේෂ
අධ්‍යාපනයට බාධා

ඉඩම්, වාසස්ථාන හිමිකම් ලැබීමට කටයුතු සැලසෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති විය හැක.අපේක්ෂිත විදේශ ගමන් කල් යැවේ. ලේඛන, ග්‍රන්ථකරණයේ නිරතවූවන්ට ප්‍රසිද්ධියට පත්විය හැකි කාලයකි. සංචාරය කරයි. කලා ක්ෂේත්‍රයේ අයටද ඉස්මතුවිය හැක. වාසස්ථාන මාරුවක් පෙන්වයි. අර්බුදකාරී අවස්ථාවලදී එයින් ගොඩඒමට වාසනාව බලපායි. වෘත්තීමය මාරුකිරීමකට ද පෙලඹේ. මුත්‍රා ආමාරු ඇතිවිය හැක.

වෘෂභ
ධන හානි

වාසස්ථාන වෙනසක් හෝ පාසල් වෙනසක් සිදුවේ. හවුල් ව්‍යාපාරිකයන් අතර මතභේද ඇතිවිය හැක. ව්‍යාපාරිකයන් බහුවිධ ක්ෂේත්‍ර කරා යොමු වේ. බහුවිධ ආදායම් ලබයි. ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. ධන හානි ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයට හිතකරය. අසල්වාසීන් හා ඉඩම් ගැටලු ඇතිවිය හැක. නව ව්‍යාපාරයන්ට යොමුවේ. සේවා ස්ථානවල නායකත්වය දරයි. දියවැඩියාව ඉස්මතුවීමේ හැකියාව ඇත.

මිථුන
පෙම්වතුන්ට සුබයි

උසස් අධ්‍යාපන කටයුතු උත්සාහවන්තව කරගෙන යයි. ව්‍යාපාරිකයන්ට හිතකර අවස්ථාවකි. අය පක්ෂය දියුණුකර ගත හැක. ස්ත්‍රීන්ගෙන් උදව් උපකාර ලැබේ. ලේඛන, ග්‍රන්ථකරණයේ නිරතවූවන්ට වගකීම් වැඩිවේ. අතිරේක කාර්යය සම්භාරයක් පැවරීම නිසා පීඩනය ඇතිවිය හැක. පෙම්වතුන්ට සුබ කාලයකි. ඉඩකඩම් ලැබිය හැක. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්යබහුල බවක් පෙන්වයි. නව පෙම් සබඳතා ඇතිවේ. අධි රුධිර පීඩනය ඉස්මතු වෙයි.

කටක
සමගියට තර්ජන

ඉඩම් ගැටලු නිසා අරගල ඇතිවිය හැක. වාසස්ථාන මාරුවකට කටයුතු යෙදේ. ව්‍යාපාරයේ නිරත වෙයි. මොවුනට මහා පරිමාණයේ කොන්ත්‍රාත් ලැබිය හැක. පවුලේ සමගියට තර්ජන ඇතිවෙයි. ගුරුවරුන්ගෙන් උපකාර ලබයි.

විදේශීය ගමන් කල්යැවීම්වලට භාජනය වේ. ප්‍රවේශම් සහිතව සේවයේ නිරතවීමට වගබලා ගනී. පාසල් අධ්‍යාපනයට සුබ වේ. උසස් අධ්‍යාපන කටයුතු බාධා මධ්‍යයේ කළ යුතුවෙයි. නිදන්ගත රෝග මතුවීමේ අවදානමක් ඇත.

සිංහ
මානසික ආතතිය

උත්සාහවන්ත වී අය පක්ෂය වැඩිකර ගැනීමට වෙහෙසේ. සති අගවන විට බහුවිධ ක්ෂේත්‍රවලින් ආදායම් වැඩිකරගත හැක. පාසල් හා උසස් අධ්‍යාපනයට මේ සතියේ වියදම් අධිකව වැය වේ. ගුරු ආචාර්යවරුන්ගෙන්, ශාස්ත්‍රවේදින්ගෙන් උපකාර ලබයි. බුද්ධිය වෙහෙසවීම නිසා මානසික ආතතිය ඇතිවිය හැක. සෞන්දර්යයේ නිරතවූවන් ප්‍රසිද්ධියට පත්වේ. පුවත්පත් කලා ක්ෂේත්‍රයේ වැඩ බහුල වෙයි. ඉඩකඩම්. නිවාස ගනුදෙනු ඇතිවිය හැක. ගෙලේ ආබාධ ඇති වේ.

කන්‍යා
කතුන්ගෙන් උදව්

චිත්ත ඒකාග්‍රතාව ලබයි. වගකීම් දරයි. සෞන්දර්ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට වාසිදායකය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරයි. නඩු හබ නිසාද වියදම් වේ. ඉඩකඩම්, නිවාස විකිණීමේ ගනුදෙනුවලට අවතීර්ණ වෙයි. අය පක්ෂය දියුණු කර ගත හැක. පාසල් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. විදේශීය මූලාශ්‍රවලින් ධනය ලැබේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් උපකාර ලැබිය හැක.

තුලා
නිවාස ලාභ

වෘත්තීමය කටයුතුවලදී ක්‍රියාශීලී වෙයි. සංචාරවල යෙදේ. අය පක්ෂය නංවාගැනීමට කැපවෙයි. ඉඩම්, නිවාස විකිණීමේ ගනුදෙනුවලින් වාසි ලැබේ. ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ. වෘත්තීමය වෙනස්වීම් ඇතිවිය හැක. ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට හිතකර කාලයකි. මහා පරිමාණයේ කොන්ත්‍රාත් ලැබිය හැක. නිවාස ලාභ ලබයි. අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරයි.

වෘශ්චික
විදෙස් ගමන්

කොන්ත්‍රාත් ව්‍යාපාරයේ යෙදී සිටින්නන්ට මහා පරිමානයේ කොන්ත්‍රාත් ලැබේ. තම දරුවන්ගෙන් මුදල් උපකාර ලබයි. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇතිවිය හැක. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. ලැබිය යුතු ණයක් වෙතොත් කොටස් වශයෙන් ලැබේ. විදේශීය ගමන් යෙදේ. රුධිර පීඩනය ඉස්මතු විය හැක.

ධනු
ප්‍රසිද්ධිය ලැබේ

ඉඩම්, නිවාස සඳහා ආයෝජන යොදයි. පාසල් අධ්‍යාපනයට වියදම් අධික වේ. උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රය කාර්යක්ෂම වෙයි. පුවත්පත්, ග්‍රන්ථකරණ කටයුතුවල යෙදී සිටින්නන්ට කාර්යබහුල සතියකි. ඔවුන් ප්‍රසිද්ධියට පවා පත්වේ. කලාවේ නිරතවූවන්ට ජනප්‍රිය විය හැක. පෙම්වතුන්ට හිතකර සතියකි. ස්ත්‍රී පාර්ශ්වයෙන් උපකාර ලැබේ. රුධිර දෝෂ ඇති වේ.

මකර
කලාවට සුබයි

වෘත්තීමය කටයුතුවලට හිතකරය. සෞන්දර්ය කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් පිළිගැනීමකට ලක්වේ. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ටද වාසිදායකය. තම කාර්යාලයේ වගකීම් අධිකය. උසස් අධ්‍යාපන කටයුතු දුෂ්කරතා මධ්‍යයේ කරගැනීමට හැකිය. හවුල් ව්‍යාපාරවල ප්‍රගතිය සුබවේ. නිවාස, ගොඩනැගිලි ආදිය සඳහා වියදම් ආදිය යොදයි.

කුම්භ
සුබ යෝගයක් යෙදේ

යාන වාහන මිලදී ගත හැකි යෝගයක් යෙදේ. ගෘහස්ථ සුඛෝපභෝගී දෑ ද මිලට ගැනීමට හැකියාවක් ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකීම් වැඩිවේ. එහෙත් ඉතා කැපවී මෙම කාර්යයන්වල යෙදේ. හවුල් ව්‍යාපාර බහුවිධ වෙයි. ඉඩම්, නිවාස, ගොඩනැගිලි ආදිය මිලට ගැනීමේ හැකියාව ලැබේ. නිදන්ගත රෝග ඉස්මතු වේ. විශේෂයෙන්ම ළය පීනස, ආමාශගත රෝග ඉස්මතු වීමට ඉඩකඩ ඇත.

මීන
ඉඩම් වාසි

වෘත්තීමය නිවාඩු යෑම් වැඩි වේ. රැකියාවෙන් ඉවත්වීමට හෝ විශ්‍රාම යෑමට සිතයි. විදේශීය ගමන් පෙන්වයි. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්යභාරය අධිකවීම නිසා පීඩනය අධික වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රබල වෙයි. විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් වැඩිවේ. ඉඩම්, නිවාස ලැබිය හැක. ළය පීනස, අත් හා උරහිස් අමාරු ඇතිවෙයි.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න