කොදෙව් බලාපොරොත්තු ඉටු කරයි | දිනමිණ

කොදෙව් බලාපොරොත්තු ඉටු කරයි

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 146ක් රැස් කළ ෂායි හෝප් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව පෙරේදා රාත්‍රී ඩකා නුවර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට අත්කර දීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත ඕවර 50 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 255 හඹා ගිය කොදෙව් පිල කඩුලු 6ක් දැවී ජයග්‍රහණය අත්කර ගත්තේ ඉනිම නිමාවීමට පන්දු 2ක් ඉතිරිව තිබියදීය. මේ ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1කින් සමකර ගැනීමට කොදෙව් පිල සමත්විය.

බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කොදෙව් පිලේ පිතිකරුවන් අසරණ වෙද්දී හුදෙකලා සටනක නිරතවූ හෝප් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළට ඔසවා තැබුවේ පන්දු 144කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල කරමිනි.

දෙපිල අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (14) පැවැත්වෙයි.

බංග්ලාදේශය - 255/7 (ඕවර 50) ශකීබ් අල් හසන් 65, මුෂ්ෆිකුර් රහීම් 62, ටමීම් ඉක්බාල් 50, මහ්මුදුල්ලා 30 (ඔශේන් තෝමස් 54/3)

කොදෙව් පිල - 256/6 (ඕවර 49.4) ෂායි හෝප් නොදැවී 144, ඩ්වේන් බ්‍රාවෝ 27 ( රුබෙල් හොසේන් 57/2, මුෂ්ටාෆිසුර් රහ්මාන් 63/2)

නව අදහස දක්වන්න