පාරක් වුණත් යන්නනම් බෑ | දිනමිණ

පාරක් වුණත් යන්නනම් බෑ

හැඳල, ඇළකන්ද පාරේ සිට මරදාන ගමට යාමට ඇති මාර්ගය පවුල් සියගණනක් මේ වනවිට භාවිතා කරති. එම මාර්ගයට තාරදමා සංවර්ධනය කිරීමට වත්තල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබිණි.

එහෙත් මේ මාර්ගයේ පිටාර ජලය බැසයාමට කානු පද්ධතියක් සකසා නොතිබීම නිසා පොද වැස්සකට වුවද මරදාන හන්දිය ප්‍රදේශය පිටාර ජලය පිරී යාමෙන් ජනතාව දුෂ්කර රැසකට මුහුණපාති.

මෙම මාර්ගයට කානු පද්ධතියක් සකසා මෙම තත්ත්වයෙන් මුදාගන්නා ලෙස වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි ද ජනතාව ඉල්ලා සිටිති.

ඡායාරූපය හා සටහන හැඳල විශේෂ - ජුලියන් කෝරාළ

නව අදහස දක්වන්න