මස්කෙලියේ තේ වතු පාළුවට ගිහින් | දිනමිණ

මස්කෙලියේ තේ වතු පාළුවට ගිහින්

වතු කම්කරු වැඩ වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් වතු සමාගම්වලට සිදු වී ඇති බව මස්කෙළිය ප්‍රදේශයේ වතු අධිකාරිවරු පවසති. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජණයට දැනට දින ගණනාවක් ගතවී ඇත. මේ අනුව තේ වෙළෙදපළේදී විදේශ රටවලට තේ අලෙවිය මඟින් ශ්‍රීලංකාවට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන ගණනක් මුදලක්ද අහිමිව ගොස් ඇති බව එම වතු අධිකාරිවරු පෙන්වා දෙති. සතියකට වැඩි කාලයක් තිස්සේ පවතින අඛණ්ඩ වතු කම්කරු වැඩ වර්ජණය හේතුවෙන් උඩරට තේ වතුවල අමු තේ දළු නෙළිම නවතා තිබිම නිසා එහි ඵළදාවට බලපා ඇති බවත්, වගාවන් නඩත්තුව ඇණ හිටීමෙන් තේ වතු කැළෑ වැදී ඇති බවත් වතු අධිකාරිවරු වැඩිදුරටත් පැවසුහ.

සටහන සහ ඡායාරූපය- මස්කෙළිය ගාමිණී සමූහ බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න