සුනිල් ශාන්ත CIDය භාරයට | දිනමිණ

සුනිල් ශාන්ත CIDය භාරයට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා ගොස් මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

සැකකරු අත්අඩංගුවට පත් වූයේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී ය.‍

පොලීසිය සඳහන් කළේ, සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවළක් ද ප්‍රශ්න කිරීම සඳහා සිය භාරයට ගත් බව ය.

සුනිල් ශාන්ත නමැති මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10කට අදාළ සැකකරුවෙකු වන අතර පසුගිය මස 07 වන දා සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළා ගොස් තිබිණි.

 

 


නව අදහස දක්වන්න