මුහුදේ සුළං වේගය ඉහළ යයි | දිනමිණ

මුහුදේ සුළං වේගය ඉහළ යයි

හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 - 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                             මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                        2018 දෙසැම්බර් මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රිකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක්තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැක.

නව අදහස දක්වන්න