හෙරොයින් ඇද්ද යාත්‍රා හිමිකරුගේ නිවස පරික්‍ෂාවට | දිනමිණ

හෙරොයින් ඇද්ද යාත්‍රා හිමිකරුගේ නිවස පරික්‍ෂාවට

හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් බේරුවල දී අත්අඩංගුවට ගැනීමට අදාළව අදාළ හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ මොරගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ(12) සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන් විසින් පරික්‍ෂාවට ලක් කර ඇත. 
 
එහිදී සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කරන රුපියල් පක්‍ෂ 59ක මුදලක් සහ සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබේ.  
 
මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 05වනදා ය.
 
එම හෙරොයින් ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් භාරයේ සිටියි. හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ඊයේ(12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත‍.
 

නව අදහස දක්වන්න