HP නව­තම DesignJet ෆොටෝ ප්‍රින්ටර් යන්ත්‍ර­යක් හඳුන්වා දෙයි | දිනමිණ

HP නව­තම DesignJet ෆොටෝ ප්‍රින්ටර් යන්ත්‍ර­යක් හඳුන්වා දෙයි

නවීන මුද්‍රණ තාක්ෂණය සමඟින් පහසුවෙන් භාවිත කළ හැකි, විශිෂ්ට මුද්‍රණයක් ලබාදෙන නව HPDesignJet Z6 සහ ’Z9+ මාදිලි පෙළ දැන් වෙළඳ පොළේ

HP DesignJet ප්‍රින්ටර් මාදිලි පෙළෙහි නවතම මාදිලි වන HP DesignJet යන්ත්‍ර වෙළෙඳ පොළට හඳුන්වා දීම පසුගිය දා සිදුකෙරිණි. නවීන Large Format තාක්ෂණයන් සහිත මේවා විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් මුද්‍රණ පිටපත් ලබාදෙන, වේගවත්, භාවිතයට පහසු යන්ත්‍ර වන අතර, මුද්‍රණ සේවා සපයන්නන්, අලෙවිසල්, ඡායාරූපාගාර සහ ඡායාරූප ශිල්පීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. අලංකාර ලෙස ඡායාරූප, ග්‍රැෆික් නිර්මාණ සහ තාක්ෂණික රූපසටහන් ආදිය මුද්‍රණය කිරීමේ හැකියාව මේ යන්ත්‍ර සතුය.

ලොව පුරා ප්‍රසිද්ධ HP සමාගමේ නවතම හඳුන්වා දීමක් වන මේ නව HP DesignJet Z6 සහ Z9+ යන්ත්‍ර වියදම් හා නඩත්තු අවශ්‍යතා අවම යන්ත්‍ර පෙළක් වන අතර, නවීන දෘඪාංග හා මෘදුකාංග සමඟින් අතිවිශිෂ්ට මට්ටමේ මුද්‍රණ පිටපත් ලබාදෙයි.

‘උසස් ප්‍රමිතිය සමඟින් සරල බව එක්තැන් කරන සහ කාලය ඉතිරි කරන මුද්‍රණ යන්ත්‍ර සඳහා පාරිභෝගිකයන් අතර ඇති ඉල්ලු‍ම වේගයෙන් ඉහළ යමින් පවතිනවා. නව HP DesignJe මාදිලි පෙළ නිපදවා ඇත්තේ මේ ඉල්ලු‍මට ගැළපෙන ආකාරයටයි. මේ පෙරළිකාරී මුද්‍රණ යන්ත්‍ර වාණිජ මට්ටමින් මුද්‍රණ සේවා ලබාදෙන අයටත්, වෘත්තිකයන්ටත් එක සේ ප්‍රයෝජනවත් වේව්. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ට මෙතෙක් හුරුපුරුදුවී පැවැති පාවිච්චි කිරීමේ පහසුවට වඩා ඉහළ කාර්යක්ෂමතාවක් සහ උසස් ප්‍රමිතියක් ලබාදීම් හැකියාව මේ යන්ත්‍ර පෙළ සතුයි.’‍ DesignJet හි මෙරට ව්‍යාපාර කළමනාකරු සශික විශාන් මහතා පැවැසීය.

නව අදහස දක්වන්න