සමා­ජ­යට බල­පාන කැපී පෙනෙන ඩිජි­ටල් නවෝ­ත්පා­ද­ක­යන් සම­ර­මින් | දිනමිණ

සමා­ජ­යට බල­පාන කැපී පෙනෙන ඩිජි­ටල් නවෝ­ත්පා­ද­ක­යන් සම­ර­මින්

‘ ඊ - ස්වාභිමානි’ සම්මාන උළෙල ට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අනුග්‍රාහකත්වය

ජාතික මට්ටම‍මේ කටයුතු අතර නමක් දිනාගත් උත්සවයක් ලෙස ස්ථාපිත වී ඇති ඊ ස්වාභිමානී සම්මාන උළෙල 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලදුව නොවැම්බර් 29 දින ගෝල් ෆේස් හෝටලයේදී පවත්වන ලදී. ජාතියේ ඩිජිටල් නවෝත්පාදකයන් ජයග්‍රහණය කරවීම සහ පිළිගැනීමට ලක්කිරීම සඳහා එය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

මෙම විචිත්‍රවත් අවස්ථාවට ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ රජයේ නිලධාරීහු, කර්මාන්ත අංශයේ ප්‍රමුඛයෝ, ඩිජිටල් ව්‍යවසායකයෝ සහ මාධ්‍ය ඇතුළු තවත් විශේෂ අමුත්තෝ රැසක් සහභාගි වූහ.

රජය සහ පුරවැසි ප්‍රතිඥානයන්, සෞඛ්‍ය සහ යහපත, ඉගෙනීම සහ අධ්‍යාපනය, පරිසරය සහ හරිත ශක්තිය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය, සුහුරු ජනාවාස සහ නාගරීකරණය, ව්‍යාපාර සහ වාණිජ්‍යය, ඇතුළත් වීම සහ බලගැන්වීම සහ ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ නවයක් යටතේ මේ සඳහා නාමයෝජනා භාරගන්නා ලදී.

මෙම සම්මාන උළෙලේදී සමාජ බලපෑමක් සහිත කැපී පෙනෙන ඩිජිටල් නවෝත්පාදනයන් පනස් එකක් සම්මානයට පාත්‍ර විය. එය සරල කෙටි පණිවිඩ පදනම් කරගත් විසඳුමක් හෝ මැනවින් සකස් කරන ලද අතථ්‍ය යථාර්ත (VR tool) මෙවලමක් විය හැකිය. එහෙත් මෙම ජයග්‍රාහකයන් ඉදිරිපත් කරන්නේ දේශීය වටිනාකම්, අන්තර්ගතයේ ගුණාත්මක භාවය සහ සමාජය මත ඇතිවන බලපෑම වේ.

දේශීය ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩිජිටල් විසඳුම් භාවිතා කරන මෙම නාමයෝජකයන් නවෝත්පාදනයෙහි කොතරම් දක්ෂ ද? මෙම ව්‍යාපෘති වලින් සිදු කරන බලපෑම කොතරම්ද ? එතුළින් සමාජයේ වෙනසක් ඇති කරන්නේද ? මෙම සියළු විකල්පයන් ප්‍රවේශමෙන් සළකා බලා කර්මාන්ත ක්ෂේත්‍රයේ, අධ්‍යන ක්ෂේත්‍රයේ සහ රජයේ කීර්තිමත් විද්වතුන් දහහත් දෙනෙකුගෙන් සමන්විත වන මෙම විශිෂ්ට වූ ජූරිය ජයග්‍රාහකයන් තොරාගනු ලබයි.

මෙයට සහභාගිවූ පිරිස අමතමින් ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා මෙසේ පැවසීය. “ අනාගතය යහපත් ලෙස ගොඩනැංවීමට නම් ඕනෑම රටකට සිය ඉතිහාසය පිළිබඳ දැනීම මෙන්ම විද්‍යා හා තාක්ෂණය පිළිබඳ අවබෝධයත් අත්‍යාවශ්‍ය කාරණයක්. අපේ පැරුන්නෝ කෙනෙක්ගේ දක්ෂතාවයන් හඳුන ගත්තම ඒක වැඩිදියුණු කරලා සමාජගත කරන්න කටයුතු කළා. “

නව අදහස දක්වන්න