FineTech Consultancy සමා­ගම ඩිජි­ට­ල්ක­ර­ණයේ පෙර­මුණ ගනී | දිනමිණ

FineTech Consultancy සමා­ගම ඩිජි­ට­ල්ක­ර­ණයේ පෙර­මුණ ගනී

ඩිජිටල්කරණය යනු ලොව පුරා පැතිරුණු සංසිද්ධියක් වී ඇති වර්තමානයේ ලොව විශාලතම search engine ලෙස සැලකෙන ගූගල් සමාගම ලෝකයේ සමාගම් හා පුද්ගලයන් පමණක් නොව සමස්ත දේශයන් පවා ඩිජිටල්කරණය කරා රැගෙන යාමේ මෙහෙවරට උරදී සිටී. 2010 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ගූගල් සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටින විශාලතම හවුල්කාර සමාගම වන FineTech Consultancy සමාගම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල මේ උත්සාහය වෙනුවෙන් දැනටමත් විශාල දායකත්වයක් දක්වා ඇත.

මෙහි තවත් පියවරක් ලෙස .‘ Move with Next Generation Cloud ’ යන තේමාව යටතේ GCP (Google Cloud Platform) වැඩසටහනක් පැවැත්වීමට ගූගල් සමාගමත් FineTech Consultancy සමාගමත් පසුගිය දා කටයුතු කළේය. මේ වැඩසටහනට ඉන්දියාවේ ගූගල් සමාගමේ නියෝජිතයන්, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් පැස්කුවල් මහතා සහ Pristine Solutions හි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම තලයේ නිලධාරීන් ඉලක්ක කරගෙන පැවැති මේ වැඩසහටනේදී, සාමාගම් හා ආයතනවල ඵලදායීතාව ඉහළ නැංවීමේ ඩිජිටල් විසඳුම් මාලාවක් ලෙස හැඳින්විය හැකි නවතම ගූගල් ක්ලවුඩ් තාක්ෂණ විසඳුම්ද අනාවරණය කරන ලදි. මේ වසරේදී FineTech සමාගම මෙවැනි වැඩසටහනක් පැවැත්වූ දෙවැන අවස්ථාව මෙය වූ අතර, එම අවස්ථාවට විවිධ ක්ෂේත්‍රවල සේවය කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ 200 කට අධික පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න