HNB කාඩ්පත් සම­ඟින් උත්සව සමයේ වට්ටම් | දිනමිණ

HNB කාඩ්පත් සම­ඟින් උත්සව සමයේ වට්ටම්

හැටන් නැෂනල් බැංකුව දෙසැම්බර් මාසයේ එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩිපත් පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට පියවර ගෙන ඇත. HNB දියත් කළ මේ ප‍්‍රවර්ධන වැඩසටහන මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ විශාලතම වට්ටම් වැඩසටහන වන අතර, භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රයේ ආයතන 200ක් වෙතින් සිදු කෙරෙන ගනුදෙනු සඳහා 50ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට හැකිවනු ඇත. මේ ආයතන අතර දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ හෝටල්, අවන්හල්, ජනප‍්‍රිය සන්නාම ගත භාණ්ඩ හා සේවා අයත් වෙති.

මීට අමතරව ගෘහභාණ්ඩ, ගෘහවිදුලි උපකරණ, ඇඟළුම්, ආභරණ සහ විලසිතා සහ සුපිරි වෙළෙඳ සැල් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබා දෙන වට්ටම් ද මේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා අදාළ වෙයි. HNB කාඩ්පත් හිමියන් සඳහා මෙවර ලබා දෙන වට්ටම පොදුවේ සියලු HNB කාඩ්පත් හිමියන්ට ප‍්‍රතිලාභ සැලසෙන ලෙස නිර්මාණය කිරීම විශේෂත්වයකි.

HNB නිරතුරුව තම පාරිභෝගික ප‍්‍රජාව වෙත මේ ක්ෂේත‍්‍රයේ වඩාත් ආකර්ෂණීයම ප‍්‍රතිලාභ සැලසීමට නිරතුරුවම උත්සාහ ගන්නවා. පසුගිය වසරේ අත්පත් කර ගත් පාරිභෝගික ප‍්‍රසාදය එලෙසම රැක ගනිමින් පසුගිය වසරට වඩා වැඩි වෙළෙඳ ආයතන සමඟ සහයෝගීතාවයන් ඇති කර ගනිමින් ඉහළම පාරිභෝගික ප‍්‍රතිලාභය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.’ යනුවෙන් HNB කාඩ්පත් අංශයේ ප‍්‍රධානී රොෂාන්ත ජයතුංග මහතා පැවැසීය.


නව අදහස දක්වන්න