ආර්ටික් කලාපයේ පිණිමුවන්ගේ ගහනය 50% කටත් වඩා අඩුවෙලා | දිනමිණ

ආර්ටික් කලාපයේ පිණිමුවන්ගේ ගහනය 50% කටත් වඩා අඩුවෙලා

දශක දෙකක කාලය තුළ ආර්ක්ටික් කලාපයේ පිණිමුවන් ගහනය 50% කටත් වඩා අඩු වී ඇතත් නව වාර්තා පෙන්වා දෙන්නේ එය මිලියන 5 සිට මිලියන 2.1 දක්වා පහත වැටී ඇති බවයි. මේ තත්ත්වය කාලගුණ විපර්යාස නිසා සිදු වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා පර්යේෂකයෝ සිය වාර්තාවලින් පෙන්වා දෙති.

පිණිමුවන්ගේ ජීවන රටාවට බාධා පමුණුවන කාලගුණික රටාව මෙන්ම පාරිසරික විපර්යාස ද මේ වාර්තාව මගින් අනාවරණය කර ඇත. විශේෂයෙන් ඉහළ යන ගෝලීය උණුසුම පාරිසරික වශයෙන් වෘක්ෂ ලතාවන්ය. දැඩි ලෙස හානි කර ඇති අතර මේ කලාපය තුළ උෂ්ණත්වය ඉහළ යාමෙන් අහිතකර කෘමි වර්ග වර්ධනයට හේතු වී ඇති බව එහි සඳහන් වේ. මේ හානිදායක කෘමින්ගෙන් බේරීමට පිණිමුවන්ට විශාල ශක්තියක් යෙදවීමට සිදු වි ඇති අතර වර්ෂාපතනය ඉහළ යාම නිසා ආහාර සොයා ගැනීමේ අර්බුදයකට ද පිණිමුවන් මුහුණ පෑම පිණිමුවන් ගහණය අඩුවීමට හේතු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

 

නව අදහස දක්වන්න