ප්‍රංශයේ නත්තල් වෙළෙඳ ප්‍රදර්ශනයේ වෙඩි තැබූ පුද්ගලයා සොයන්න පොලිස් නිලධාරීන් සිය ගණනක් | දිනමිණ

ප්‍රංශයේ නත්තල් වෙළෙඳ ප්‍රදර්ශනයේ වෙඩි තැබූ පුද්ගලයා සොයන්න පොලිස් නිලධාරීන් සිය ගණනක්

ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග් නගරයේ නත්තල් වෙළෙඳ ප්‍රදර්ශනයක වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් සඳහා සිය ගණනක් පොලිස් නිලධාරීන් යොදා තිබේ. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් 12 දෙනකු තුවාල ලැබීය. හමුදා සොල්දාදුවන් හා පොලිස් නිලධාරින් සමග වෙඩි හුවමාරු කරගනිමින් සිටි සැකකරු පලා ගිය බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

මෙම සිදුවීමෙන් තිදෙනකු මිය ගිය බව තහවුරු කළ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක මේ වන විට ආරක්ෂක නිලධාරීන් 350ක් ඔහු සොවීමේ මෙහෙයුමට එක්ව සිටින බව ප්‍රකාශ කළේය.

සැකකරු ස්ට්‍රැස්බර්ග් හි උපන් 29 හැවිරිදි වියේ පසු වන අයකු බව මේ වන විටත් හඳුනා ගෙන ඇත.

 

නව අදහස දක්වන්න