විනිසුරු ඊවා වනසුන්දර විශ්‍රාම යයි | දිනමිණ

විනිසුරු ඊවා වනසුන්දර විශ්‍රාම යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි.

අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අසුන් ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බව ද විනිසුරු අලුවිහාරේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් විනිසුරු වනසුන්දර වෙත සිය ප්‍රණාමය පුදකරන බවද  කියා සිටියේය.

ඊවා වනසුන්දර විනිසුරුවරිය වසර 40ක සේවා කාලයක් සිය සේවය ඉෂ්ඨ කලේය.

නව අදහස දක්වන්න